දිනපතා යාඥාව උදෙසා බයිබල් පද
ඉශ්රායෙල් වරුන්ගේ දෙවිවූ සවමින් වහන්සේ මෙසේ කියන සේක;
නුඹලාගේ යාග වලට නුඹලාගේ පුජාවන්ද එකතුකොට ඒවා නුඹලාම විසින් කා දමන්න.
මක්නිසාද මා විසින් නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් මුදවාගෙන ආ ඒ කාලයේදී,
මා ඔවුන් සමග කතා කලේත්, ඔවුන්ට අණ කර සිටියේත්,
දවද පුජා සහ යාග පුජා යන ඒවා ගැන නොවේය.
නුමුත් මා ඔවුන්ට අණ කර සිටියේ; මාගේ හඬට කීකරු වන්න,
එවිට මම නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි.
නුඹලාද මාගේ සෙනග වන්නහුය,
යන ඒ කාරණයය.
නුඹලාට ශුභ සිද්ධ වන පිණිස,
මා නුඹලාට අණ කරන්නාවූ මුළු මාර්ගයෙහි හැසිරෙන්න යන ඒ කාරණාවය.
නුමුත් ඔවුන් ඒ ගැන අසන්නේවත්,
තමුන්ගේ කන් යොමුකරන්නේ වත් නැතුව,
තම තමුන්ගේ සිතේ මන්ත්‍රණ වලද මුරණ්ඩු කමේද හැසිරෙමින්
ඉස්සහරට නොව පස්සට ගියෝය.
එබැවින් මොවුහු, තමුන්ගේ දෙවිවූ ස්වාමින්වහන්සේගේ හඬට කන් නොදුන්නාවූ,
දැනමුතුකම් පිලිනොගත්තාවූ ජාතියක්ව සිටින සේක.
ඔවුන්ගේ මුඛයෙන් සැබෑව නැතිවී ගොස් තිබේයැයි ඔවුන්ට කියන්න.
-යෙරෙමියා 7:21
ඇදහිලිවන්තයන් වන අපගේ ඇතුල් පැත්ත ගැන දේව වචනයට අනුව මොහොතක් අප දෙස සිතා බැලීමට මොහොතක් වෙන්කරමු.
©2016- darmadasa.org (දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි.)